26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු අංජුට ප්‍රංශයේ සුපිරි අවන්හලක්

කුඩු අංජුට ප්‍රංශයේ සුපිරි අවන්හලක්

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු හා පාතාල නායක රත්මලාන ‘කුඩු අංජු’ නැමෑත්තාට මුදල් විශුද්ධිකරණය යටතේ ප්‍රංශ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මොහු ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමටයි මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට කුඩු අංජු ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන එය ඔහුගේ අනියම් බිරිඳ බවට පැවසෙන ප්‍රංශ ජාතික තරුණියගේ නමින් මෙම අවන්හල පවත්වාගෙන ගොස් තිබේ.

මෙම අවන්හල ‘නමස්තේ’ යන නමින් පවත්වාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට අමතරව ප්‍රංශයේ බෝදෝ ප්‍රදේශයේ වයින් කම්හලක්ද මොහු වෙනත් අයෙකුගේ නමින් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

කුඩු අංජු නැමැත්තා විසින් ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් බවකියන ‘ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත’ සහ ‘බටුවත්තේ චාමර’ නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතු සඳහා හවුල් කරගෙන සිටින බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම කුඩු අංජුට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.