27.2 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාරිභෝගික කටයුතු අධිකාරියේ පිරිසක් වර්ජනයේ

පාරිභෝගික කටයුතු අධිකාරියේ පිරිසක් වර්ජනයේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සිය නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් කියා සිටියේ.

නාරම්මල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.