32 C
Colombo
Saturday, February 24, 2024

Update – කළුතර සිදුවීම: තරුණයා පළාගිය මෝටර් රථය හමුවෙයි

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය සොයමින් සිටින තරුණයා පළාගිය මෝටර් රථය සොයා ගැනීමට හැකි වූ බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

ටොයෝටා ඇක්වා වර්ගයේ සුදු පැහැති අදාළ මෝටර් රථය කළුතර, පලාතොට ප්‍රදේශයේ සඟවා තිබිය දීයි පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ. අදාළ මෝටර් රථයේ රියදුරු අද (08) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා.

අත්අඩංගුවට ගැනුණු මොටර් රථයේ රියදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ පළාගිය තරුණයා බණ්ඩාරගම – ගැලණිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි බවයි.

අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් විසින් ඊයේ (07) සිදුකරනු ලැබුවා. එහිදී සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරේ දත් පහරවල් නිරීක්ෂණය වී ඇතැයිද සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට සොයමින් සිටින තරුණයා ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිසිය පවසනවා.

අදාළ පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක් සමඟ කළුතර ප්‍රදේශයේ අදාළ ලැඟුම්හලට පෙරේදා (06) පස්වරු 6.30ට පමණ පැමිණ තිබෙනවා. එහි නවාතැන් ගත් ඔවුන් එක් කාමරයක සිට මත්පැන් පානය කර ඇති බව එහි සේවකයන් දැක ඇති බවයි වාර්තා වුණේ.

පසුව එහි සිටි එක් තරුණයෙක් සහ තරුණියක් හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් පැය භාගයකට පමණ පසු අනෙක් තරුණයා කළබලයෙන් හෝටලයෙන් නික්ම ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුව අදාළ ලැඟුම්හලට පැමිණි වෙනත් අයෙකු ඊට යාබද දුම්රිය මාර්ගයේ තරුණියක් නිරුවතින් වැටී සිටින බවට එහි කාර්ය මණ්ඩලයට පවසා තිබෙනවා.

අනතුරුව පොලිසිය අදාළ ස්ථානයට පැමිණි ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබුණේ මියගිය සිසුවියට ලැඟුම්හලට පිවිසිමට බාධාවක් වන බැවින් වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පතක් භාවිත කර ඊට ඇතුළු වී ඇති බවයි.

අවසානයේ හදිසියේ හෝටලයෙන් පිටව ගිය තරුණයා ඊට පෙර එම ස්ථානයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් ලබාදී ඔවුන් පැමිණීමෙන් අනතුරුව පොලිසිය විසින් අද සොයාගත් මෝටර් රථයේ නැඟී පිටව ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

Latest

පොහොට්ටුව පසුබැහැලාමාලිමාව ඉදිරියට ඇවිල්ලා

ආණ්ඩුවේම ජගත් කුමාර ආණ්ඩුවම පට්ට ගහයි පිළිගන්නවා.. පොහොට්ටුව පසුබැහැලා මාලිමාව...

රනිල් හමුවෙලා මෙන්න තීරණය ගනී

සති අන්තයේ මේ මොකද වෙන්නේ..? පාඨලී චම්පික හදිසියේම සිරිකොතට රනිල්ගෙන් කැඳවීමක්ද...

ඔබත් ඔන්ලයින් ණයකාරයෙක්ද ? එහෙනම් මේක බැලිය යුතුමයි

සියලු හඬපට සාක්ෂි සහිතයි -ණය ගෙවන්න බැරි වුණාම ලිංගික...

පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ඝාතන තැතක්

රහස්‍ය බුද්ධි වාර්තාවක් පිටවෙයි පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති...

Don't miss

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට...

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

කඳානේ වෙඩි තැබීමට ‘කොට්ටාවේ සුද්දා’ අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් පසුගිය වසරේ කඳාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන...

හොර වීසා පෙන්වා යුරෝපෙට පනින්න ගිය දෙදෙනෙක් අල්ලයි

කූඨ ලෙස සකස් කළ ග්‍රීක සංචාරක වීසා භාවිතා කරමින් යුරෝපය වෙත පළා යාමට තැත් කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන්තොටුපොළ...

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here