― political ―

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (09) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම හමුවේදී සාකච්ඡා කළ...
HomeNewsගුවන් ගමන් පාලක අර්බුදය උත්සන්න වෙයි

ගුවන් ගමන් පාලක අර්බුදය උත්සන්න වෙයි

ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණක් වන අතර ඒ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති බවයි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසන්නේ.

එම නිසා ගුවන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24ම සේවයේ නිරතවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.