30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ජූලි මස 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර මීට අමතරව වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙන බවයි සඳහන් වන්නේ.

ඊයේ (8) වන විට, සුදුස්සන් හඳුනා ගෙන තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් 91.5% ක් අවසන් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් දැක්වෙනවා.