― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsරිය අනතුරකින් 08 දෙනෙක් රෝහලට

රිය අනතුරකින් 08 දෙනෙක් රෝහලට

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ වාරියපොල වේරපොල ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවූ රිය අනතුරකින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාරියපොල පොලිසිය පවසයි.

කුරුණෑගල දෙසින් පැමිණි වෑන් රථයක් සහ පාදෙණිය දෙසින් පැමිණි කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර හේතුවෙන් වෑන් රථයේ පැමිණි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙක් සහ කාර් රථයේ පැමිණි යුවලක් වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර
අනතුරින් බරපතළ තත්වයේ පසුවූ 07 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.