31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලක්මවගේ නම බැබලවූ ගයන්තිකා දිවයිනට

ලක්මවගේ නම බැබලවූ ගයන්තිකා දිවයිනට

ජපානයේ 39 වන ‘ග්‍රෑන්ඩ් ප්‍රික්ස්’ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී, එහි මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ගයන්තිකා තුෂාරි අබේරත්න ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මව්බිමට පැමිණියා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 179 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඇයව පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

රටවල් 30ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ජපානයේ ඔසාකා සහ නරීටා යන නගරවල පැවති ‘ග්‍රෑන්ඩ් ප්‍රික්ස්’ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 තරග දෙකක් පවත්වා තිබූ අතර එම තරග දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට ගයන්තිකාට හැකියාව ලැබුණා.