― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මගේ දුව කාටවත් ආදරේ කළේ නැහැ - මගේ දුවව ඒ පව්කාරයාට විකුණුවා"

“මගේ දුව කාටවත් ආදරේ කළේ නැහැ – මගේ දුවව ඒ පව්කාරයාට විකුණුවා”

තම දියණිය කිසිවකුට ප්‍රේම නොකළ බව තමාට තරයේ විශ්වාස බවත් තම දරුවාගේ යෙහෙළිය ඇයව පාපතරයෙකුට විකුණා ඇති බවත් කළුතරදී අභිරහස් ලෙස මියගිය දැරියගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

කළුතර ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක තුන්වැනි මහලින් බිම වැටී මියගිය බව කියන 16 හැවිරිදි දැරියගේ මව පැවසුවේ තම දරුවාට එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් වන ප්‍රධාන සැකකරු අද උදෑසන අත් අඩංගුවට ගනු ලැබීය.

මියගිය සිසුවියගේ දේහය ඊයේ නිවෙස වෙත රැගෙනවිත් තිබේ

මේ සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ මව දැක් වූයේ මෙලෙස අදහස් දැක්වීය.

හවස 5ට විතර පබාරා ඇවිත් කිව්වා දන්සලකට යන්න ඕනේ කියලා මෙයා එක්ක. මං කිව්වා දරුවට යන්න එපා කියලා. දෙපාරක් ඇහුවා තුන්පාරක් ඇහුවා දරුවෙක් නිසා මං යන්න කිව්වා. මං කිව්වා ඊට පස්සේ ගිහිං ඉක්මනට එන්න කියලා. දරුවා ආව නැති නිසා මං කෝල් කලා. ඊට පස්සේ කිව්වා අපි මේ දන්සලේ ඉන්නේ කියලා. ඊට පස්සේ රෑ වුණ නිසා මං ආයේ කෝල් කලා. ඒ වෙලාවේ ෆෝන් එක වැඩ කළේ නෑ. ගෙදරට ඇවිත් හිටපු ඇඳුම පිටින් මෙයා ගියේ. අද විතරක් යන්නම් කියලයි එක්ක ගියේ. පබාරා කියන යාලුවට මං කලින් කිහිප වතාවක්ම කියලා තියෙනවා ඔයා මෙහේ එන්න එපා මගේ දරුවට ඉගෙන ගන්න දෙන්න කියලා. ඔය කියන දවසේ යන්න කලින් කිව්වා එක්ක යන්න එපා කියලා මෙයාව. ඒ වෙලාවේ ඒ ලමයා කිව්වා ඇන්ටි මං අදින් පස්සේ එන්නේ නෑ කිව්වා. එතකොට එතන ලොකු ප්ලෑන් එකක් තිබිලා තියනවා. පබාරගේ තනියට තමා මෙයාව එක්ක ගිහිං තියෙන්නේ. මගේ දරුවව විකුණලා තියෙන්නේ පාපතරයෙකුට. මං දන්නේ නෑ එතන ඉන්න කිසිම කෙනෙක්. මං දන්නේ පබාරා විතරයි. පබාරගේ කොල්ලයි එයාගේ යාලුවෙකුයි තමයි මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. පබාරයි එයාගේ කොල්ලයි එකතු වෙලා මගේ ලමයාව විකුණලා තියෙන්නේ. මේගොල්ලොන්ට නිසි දඬුවම් ලැබෙන්න ඕනේ

සිසුවියගේ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.‍