32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරන ලද රාජ්‍ය සේවකයින්ට අද (09) දිනයේ සිට යළි සේවයට වාර්තා කිරීමේ හැකියාව පවතී.

කෙසේනමුත් තමන් සේවය කළ ස්ථානය තම ඡන්ද බල ප්‍රදේශය නම් එම ස්ථානයේ සේවය කළ නොහැකි බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක පැවසුවේ.

ඔවුන් අද දිනයේ සේවයට වාර්තා කර, තම ආයතන ප්‍රධානියා මගින් වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගත යුතු බවත් එම සේවකයින්ට වැටුප් ලබාගැනීමට වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගැනීම අනිවාර්ය බවත් ලේකම්වරයා අවධාරණය කළේය.