28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියගේ මරණයට ඇල්ලූ සැකකරු ගැන විශේෂ අනාවරණයක්

දැරියගේ මරණයට ඇල්ලූ සැකකරු ගැන විශේෂ අනාවරණයක්

කළුතර ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අලුයම් කාලයේ දී හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර, පලාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

29 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු කල්බදු පදනම මත වාහන ලබාගන්නා පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගන්නා අයෙකු (සීසර්වරයෙකු) ලෙස කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම සැකකරු කිසියම් ආකාරයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධක් ඇත්ද, එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධතා පවතී ද යන පිළිබඳව වැඩිදුර විමර්ශන අරඹා ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරු සන්තකයේ බහුලව මුදල් ගැවසෙන බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මුදල් සැකකරුට ලැබෙන ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි ප්‍රකාශ කළේ.