මෙරට ජනතාව මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය නිවහන සමාජයේ සභාපති වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ පැවසීය.
වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ පවත්වන ලද මානසික ගැටලු සහිත පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වූ වැඩසටහනේදී අදහස් දක්වමිනි.
“අප රටේ මානසික රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන හේතුන් පිළිබඳව ද අපි විශේෂයෙන් අධ්‍යයනයක් කළා. වර්තමානයේ රටේ පවතින ආර්ථික හා සමාජ අර්බුදය මීට බලපෑ එක් ප්‍රධාන හේතුවක් බව මෙහිදී අපට පැහැදිලි වුණා. මෙය ඉතාමත් ගැටලු සහගත තත්ත්වයක්. රටක තීන්දු තීරණ ගන්නා පුද්ගලයෝ නිසි මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කරන විට රටත් ජනතාවත් විශාල අර්බුදවලට ලක්වෙනවා. මානසික අර්බුද ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.
රට පාලනය කරන පුද්ගලයන් මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කරන ආකාරය පිළිබඳ ඕනෑ තරම් උදාහරණ ශ්‍රී ලාංකේය දේශපාලනය තුළින් උපුටා දක්වන්න පුළුවන්. තමන් මානසික රෝගයකින් පෙළෙන බව බොහෝ අය දන්නේ නෑ. එවන් පිරිස් අප රටේ දේශපාලනයේ ද ඕනෑ තරම් සිටිනවා. නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ව්‍යාකූල මනස නිරවුල් කර ගැනීමට හැකි වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය නිසි ලෙස ලබා ගැනීම අතිශයින් වැදගත්. ඒ සඳහා අවශ්‍ය උපදේශන මහනුවර නිවහන සමාජයෙන් අපි ලබා දෙනවා.“