― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිදේශ ආයෝජන ආකර්ෂණයට විශේෂ පැකේජයක් නුදුරේදීම

විදේශ ආයෝජන ආකර්ෂණයට විශේෂ පැකේජයක් නුදුරේදීම

කඩිනමින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට විශේෂ පැකේජයක් ජනාධිපතිතුමා විසින් නුදුරේදී රටට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේදී ආයෝජකයන්ට බියෙන් සහ සැකෙන් තොරව ආයෝජනය කිරීමට අවස්ථාවක් පවතී නම් පමණක් මෙරටට ආයෝජකයන් පැමිණෙන බව කියා සිටි අමාත්‍යවරයා පසුගිය වසරේ මෙවැනි කාලෙක ඇතිවූ ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තරව රටට ඉතාම හානිකර ලෙස පැතිරුණ බවද සිහිපත් කළේය.

රටකට ආයෝජකයන් පැමිණීම සඳහා එම රට තුළ බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටද, නීතියේ ආධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක වීමට මෙන්ම ආයෝජකයන්ගේ ආයෝජන සඳහා රැකවරණය පැවතීම අවශ්‍ය බව කියා සිටි අමාත්‍යවරයා අප රටට ලොව අනෙක් රටවල් වලට සාපේක්ෂව සැසඳීමේදී ඉන්දියාව, චීනය, වියට්නාමය සහ මැලේෂියාව වැනි රට වල ලබාදෙන ආරක්ෂණය, අනුග්‍රහය රාජ්‍ය මූල්‍ය ප්‍රතිලාභ සහ දිරිගැන්වීම් එලෙසින් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ආයෝජන පහත් මට්ටමක පවතින බවද අවධාරණය කළේය.

මෙම කාරණා සැලකිල්ලට ගනිමින් කඩිනමින් විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා විශේෂ පැකේජයක් ජනාධිපතිතුමා විසින් නුදුරේදී රටට ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළේය.