18 C
London
Friday, June 2, 2023

කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පූර්ණ සහාය

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකඟතාවය පළකර සිටි. ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව, කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයකට එක්වෙමින් , නීතීඥ සංගමයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක නීතීඥ කනිශ්ක වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

කම්කරු නීතිය කඩිනමින් වෙනස් විය යුතු බවත්, එය රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජුව බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් මගින් තිරසර ව්‍යවසායකත්වයන්ට සහාය ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බවත්, කම්කරුවන්ගේ සුබසාධනය සහ වඩා හොද ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු සදහන් කළේය.

කාන්තා ශ්‍රම සහභාගීත්වය,තරුණ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර නව කම්කරු නීතිය වෙනස්විය යුතු බව ඔහු පැවසුවේ ය. සේවය අවසන් කිරීමේ පනත වැනි යල් පැන ගිය නීති වෙනස් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි ද නීතීඥ කණිෂ්ක වීරසිංහ මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ ශ්‍රමිකයාගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි වැඩවසම් ශ්‍රමිකයා වෙනුවට නූතන අනාගතවාදී ශ්‍රමිකයෙකු බිහි කිරීමට අවශ්‍ය සියලු නීති හා අණපනත් හඳුන්වා දීමට සූදානම් බවයි.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here