13.7 C
London
Friday, June 9, 2023

ඡායාරූප මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානයට ලාංකිකයෙකුගේ නමත්

මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් අවසාන නාමයෝජනා අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙක් නම් වී තිබේ.

ASSOCIATED PRESS (AP) ඡායාරූප මාධ්‍යවේදී එරංග ජයවර්ධනගේ නමයි මෙලෙස නිර්දේශ වී ඇත්තේ.

ඔහු සමග මේ සම්මානය සඳහා නිර්දේශිත අවසාන අනෙක් ශිල්පියාත් ඊට නම් වී ඇත්තේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අරගලයේ නිරත තරුණයින්ගේ හැඟීම් ඡායාරූපයට කැටිකර ගැනීම වෙනුවෙන් වීම විශේෂත්වයකි.

ප්‍රවෘත්ති ඡායාරූප – බ්‍රේකින් නිව්ස් – කාණ්ඩය යටතේ පුලිට්සර් ත්‍යාගය සඳහා එරංග ජයවර්ධන සමග මුම්බායි පදනම් කරගනිමින් වාර්තාකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පී රෆීක් මක්බූල් අවසන් වටයට නම් වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම සමග මතු වූ ජනතා කෝපයත්, අරගලය සහ ඒ ආශ්‍රිතව මතුවුණු ජනතා හැසිරීම් ඡායාරූපයට ග්‍රහණය කර ගත් ආකාරය හේතුවෙනුයි මොවුන් දෙදෙනාම අවසන් වටයට යෝජනා වී තිබෙන්නේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් මතු වූ ජනතා කෝපය ග්‍රහණය කර ගැනීමටත් මිනිස් හැඟීම්වල සම්පූර්ණ පරාසය ඡායාරූප තුළට කැටිකර ගැනීමටත් ඡායාරූප ශිල්පී එරංග ජයවර්ධනට හැකි වී ඇත.

දෙදෙනාගේම ඡායාරූපවල උද්ඝෝෂකයින් අරගලයේදී ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන අත්පත් කර ගත් ආකාරය ද මැනවින් සටහන් කරගෙන තිබේ.

එරංග ජයවර්ධන වසර 20 කට වැඩි කාලයක් පුරා ප්‍රධාන ස්වභාවික, සමාජ-දේශපාලන සහ විනෝදාස්වාද සිදුවීම්වල ප්‍රවෘත්ති ඡායාරූපකරණයේ සාක්ෂිකරුවෙකු සහ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කර ඇති අයෙකි.

පාසල් සමයේ සිටම ඡායාරූප ශිල්පයට යොමු වූ ඔහු 2002 දී ඇසෝසියේටඩ් ප්‍රෙස් සමග සම්බන්ධ වී අතර ශ්‍රී ලංකාව සහ අසල්වැසි මාලදිවයිනේ ඡායාරූප ආවරණය කිරීමේ වගකීම දරයි.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබේ. අද (08) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර මේ වන...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට (09) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල්...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here