18 C
London
Friday, June 2, 2023

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට සුබ ආරංචියක්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

https://bit.ly/Spiralation2023 සබැඳිය ඔස්සේ සම්බන්ධ වෙමින් අයදුම්පත් යොමු කළ හැකි අතර අයදුම්පත් භාර ගැනීම මෙම මස 29 වැනි දායින් අවසන් වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA)විසින් මෙම Spiralation වැඩසටහන සංවිධාන කරනු ලබන අතර එය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදීය.

මෙම Spiralation වැඩසටහන සඳහා එක් වන නවෝත්පාදකයින්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට එම වැඩසටහන මහත් අත්වැලක් වී තිබෙන අතර එම ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වැඩසටහන් අතරේ Spiralation වැඩසටහනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. Spiralation වැඩසටහන මඟින් නව්‍ය ව්‍යාපාරිකයින්(Startup) දැනුවත් කිරීම්, නව ව්‍යවසායකයන් හඳුනාගැනීම, වෙළෙඳපොළ අවස්ථා උදාකරදීම,නව්‍ය ව්‍යාපාරිකයින්(Startup)සඳහා අරමුදල් සැපයීම, සහ උපදේශනය මඟින් ආරම්භක පරිසර පද්ධති(Startup ecosystems) සංවර්ධනය සඳහා සහාය දක්වයි.

Spiralation වැඩසටහනයටතේ මේ දක්වාසවිබලගැන්වූ නව තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් ගණන130 ඉක්මවා ඇත. Spiralation වැඩසටහනයටතේ සාර්ථක වන නවෝත්පාදකයින්ට SpiralationDemo Day වැඩසටහන හා එක් වීමට අවස්ථා උදාවන අතර එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගේ නවෝත්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙන යෑමට අවකාශ සැලසීමයී.

තාක්ෂණික අධ්‍යාපන, ඉ-වාණිජ්‍ය , බ්ලොක් චේන් , ක්ලීන් ටෙක්, රොබෝ තාක්ෂණය, අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර යටතේ ඉකුත් 2022 Spiralation වැඩසටහන සඳහා ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කර තිබිණි.

SpiralationDemo Day මඟින් ඇගයීමට ලක් වු තාක්ෂණික නවෝත්පාදන සමාගම් වන්නේAce Academy, One Smart Bee, Perks, X-Fly (Qubebots), Study Buddy Zone, Micro Rewards සහ Zerotrash වේ.

ඊට අමතරවඑදින 2022 Spiralation වැඩසටහන සම්පුර්ණයෙන් නිමා කළ තාක්ෂණික නවෝත්පාදන සමාගම් 15ක් ඇගයීමට ලක් කෙරිණි. එම ඇගයීමට ලක් වු නවෝත්පාදන සමාගම් වන්නේ‍ Ace Academy Holdings (Pvt) Ltd, CircuitBreakers Robotics (Pvt) Ltd, EDUS Lanka (Pvt) Ltd, Stag Space (Pvt) Ltd, I 2 C Associates (Pvt) Ltd, Sanasuma Healthcare (Pvt) Ltd, Shopbook (Private) Ltd, Qubebots (Pvt) Ltd, Vibhava Solutions (Pvt) Ltd, AgGen (Pvt) Ltd, Fintech Digital (Pvt) Ltd, GreenChain (Pvt) Ltd, Lawganizer (Pvt) Limited, Ma Baby Digital (Pvt) Ltd, Crossborder Payments (Pvt) Ltd, OneSmartBee (Pvt) Ltd, සහ Turtty’s Educational Services (Pvt) Ltd වේ. Spiralation වැඩසටහනෙහි උපායමාර්ගික සහකරු වශයෙන් බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනය කටයුතු කරන අතර මෙවර පවත්වන ලද Spiralation Demo Day වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහයකයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ Bug Zero සමාගමයි.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here