11.3 C
London
Tuesday, May 30, 2023

දර්ශනට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හදුන්ගොඩට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර දර්ශන හඳුන්වන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් මහජනතාවට තොරතුරු දැනගැනීමේ අරමුණින් මෙම වාර්තාව ඉදිරිපත් කළ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලීම් කළා. ඒ අනුව අදාළ පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින තෙක් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවත් නියෝග කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු හා එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ රජයේ නීතිඥවරියක් විසින් ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඉකුත් දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින එස්.එල්. දේශය වූ යූටියුබ් නාලිකාව ඔස්සේ අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් උඩුගත කර ඇති බවයි.

ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ඔවුන් පවසනවා. එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබෙනවා.

Latest

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික...

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය...

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට ලක්වෙමින් සිටින බව අනාවරණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here