26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'බඩෝවිට ලොකු මල්ලී' අත්අඩංගුවට

‘බඩෝවිට ලොකු මල්ලී’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු වන චමින්ද කුමාර සිල්වා හෙවත් ‘බඩෝවිට ලොකු මල්ලී’ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් සහ තියුණු ආයුධ ද ඔහුත් සමඟම අත්අඩංගුවට ගෙන ඇති අතර විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වන අතර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී මෝටර් රථය තුළ රුපියල් ලක්ෂ 03ක පමණ වටිනාකමක්න් යුත් හෙරොයින් ග්‍රෑම් 16කට අසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් සොයාගෙන තිබේ.