27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගේ නිවසට ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්

ජනපතිගේ නිවසට ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන සුජිත් චන්දන කුමාර නැමැත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරු මූලික වී සිදු කළ උද්ඝෝණය කැරැල්ලක් බවට පත් වූ බවත් දේපළවලට හානි සිදු කරමින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වෙමින් රාජ්‍ය නිලධාරීන්ට බාධා කර අයුතු ඇතුළු වීම වැනි වැරදි ගණනාවක් සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබූ දිනයේ මෙම සැකකරු ගිනි නිවන හමුදාවට සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්ට එම ස්ථානයට පැමිණීමට ඉඩ නොදී අවහිර කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කළේ.