― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsබූරු මූණා සැඟවූ පිස්තෝලයක් සොයා ගනියි

බූරු මූණා සැඟවූ පිස්තෝලයක් සොයා ගනියි

සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණාගෙන්’ සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවූ තොරතුරු වලට අනුව සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 06ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන රැසකට චෝදනා එල්ල වී සිටියදීයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔහු හෙළි කළ කරුණු අනුව බූරු මූණාව බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් අසළට රැගෙන ගොස් ඇති අතර එහි තිබියදී මෙම පිස්තෝලය සහ ජීව උණ්ඩ සොයා ගෙන ඇත.

අදාළ පිස්තෝලය චීනයේ නිෂ්පාදිත විශේෂ වර්ගයේ ගිනි අවියක් වන අතර ඊට උණ්ඩ 16ක් යෙදිය හැකි බවයි පොලීසිය පවසන්නේ.