28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගල ක්‍රියාකාරී පියත් නිකේශල අත්අඩංගුවට

අරගල ක්‍රියාකාරී පියත් නිකේශල අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේශල කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

තුවාල ලද අරගල ක්‍රියාකාරිකයාට කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපති තවත් පිරිසක් සමඟ මෝටර් රථ දෙකකින් පැමිණ තලංගම කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී පහර දීම සිදු කර තිබෙනවා.

සිද්ධියත් සමඟම කඩුවෙල මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා තමන්ට ද පහර දුන් බව පවසා මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපාර්ශ්වය විසින් සිදු කළ පැමිණිලි මත පහරදීම් වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරු ජාතික රෝහලේ ද කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති මුල්ලේරියාව රෝහලේ ද පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.