29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ මිලානෝ නුවර පිපිරීමක්

ඉතාලියේ මිලානෝ නුවර පිපිරීමක්

ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ සිදුවූ පිපිරීමකින් වාහන රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පිපිරීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ ළදරු පාසලක ළමයින් ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ පිපිරීමෙන් ඝන කළු දුමාරයක් පිටවන ෆාමසියක් ද ඇතුළු ගොඩනැගිලි දෙකක් අතර වීදියක මෝටර් රථ සහ යතුරුපැදි ගිනි ගන්නා ආකාරයයි.

ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්සිජන් සිලින්ඩර් රැගෙන යමින් තිබූ වෑන් රථයක් ගිනිගැනීමෙන් අනතුරුව මෙම පිපිරීම සිදුව ඇති බවයි. සිලින්ඩර් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු ගින්න දැක රථයෙන් ඉවතට පැන ඇති අතර ඔහුට සුළු තුවාල සිදු වී තිබෙනවා.