29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්දින වැඩ වර්ජනයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්දින වැඩ වර්ජනයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද (11) උදෑසන 08 සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ප්‍රසව හා නාරි වේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට සිදු කරන ලද පහරදීමට සම්බන්ධ පුද්ගලයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොතිබීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ හදිසි ප්‍රතිකාර සේවාවන් සිදුවන අතර අනෙකුත් සියලු ප්‍රතිකාර සේවාවන් නතර කරන බවයි.