ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනය රිච්ටර් මාපකයේ සටහන්ව තිබුණේ ඒකක 5.4 ක ප්‍රබලත්වයකිනි.
භූ කම්පනයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර සිදුව ඇති හානි සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.