― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldප්‍රංශයේ ජාතික දිනයට මෝදිට ඇරයුම්

ප්‍රංශයේ ජාතික දිනයට මෝදිට ඇරයුම්

ජුලි 14 වැනිදාට යෙදෙන ප්‍රංශ ජාතික දිනයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වීමට නියමිතය.

ඉන්දු ප්‍රංශ සබඳතා තවත් පුළුල් කෙරෙන මෙම පුවත ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් තහවුරු කර තිබෙනවා. ඔහු ප්‍රංශ සහ හින්දි යන භාෂා දෙකෙන්ම ට්විටර් පණිවුඩ නිකුත් කරමින් අගමැති මෝදිගේ සංචාරය පිළිබඳව සිය සතුට පළ කර තිබුණා.

ප්‍රංශ ජනාධිපතිවරයා හින්දි භාෂාවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වුණේ “ආදරණීය නරේන්ද්‍ර, ජූලි 14 වන දින ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ඔබව පැරීසියට පිළිගැනීමට ලැබීම සතුටක්.” යනුවෙනුයි.

ඉන්දීය අගමැතිවරයාට ජාත්‍යන්තරයෙන් ලැබෙන මෙවැනි ඇරයුම් පිළිබිඹු කරන්නේ ඔහු යටතේ ඉන්දියාව ලබා තිබෙන සාර්ථකත්වය බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. මෙවර ඝ්20 නායකයින්ගේ සමුළුවේ සභාපතිත්වය හිමි ව ඇත්තේද ඉන්දියාවටයි.

ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රංශ සංචාරය සිදු වීමට නියමිතව ඇත්තේ ඉන්දු – ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරීත්වයේ 25 වැනි සංවත්සරයට සමගාමී වීම විශේෂත්වයක්. නිල ප්‍රකාශයකට අනුව ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් ද ඔවුන්ගේ ප්‍රංශ සගයන් සමඟ පෙළපාලියට සහභාගී වනු ඇති.

ඉන්දු-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වයේ මීළඟ අදියර ප්‍රකාශයට පත් කරමින් පුළුල් පරාසයක කර්මාන්ත සංස්කෘතික, විද්‍යාත්මක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා අභිලාෂකාමී ඉලක්ක තැබීම අගමැති මෝදිගේ මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරෙනවා.

ඉන්දියාව සහ ප්‍රංශය ඉන්දු පැසිෆික් කලාප සහයෝගීතාවයේ ප්‍රමුඛයින් ලෙස කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඉලක්ක සහ මූලධර්ම ආරක්ෂා කරමින් විශේෂයෙන් සාමය සහ ආරක්ෂාව යන දැක්ම යුරෝපයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ බෙදා ගනිමින් සිටිනවා.

අගමැති මෝදිගේ මෙම ඓතිහාසික සංචාරය දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළු වර්තමාන ප්‍රධාන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු මුල පිරීම් ද ඉදිරිපත් කරනු ඇති.

එසේම මෙය ඉන්දියාවට සහ ප්‍රංශයට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බවද විචාරකයින් පෙන්වා දෙනවා.