26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ විරෝධතා නිසා 08ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ විරෝධතා නිසා 08ක් ජීවිතක්ෂයට

පාකිස්ථායේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රට පුරා ඇති වූ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විරෝධතාවට සම්බන්ධ වූ පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට දැඩි ආරක්ෂක හමුදාවක් යොදවා, අනතුරු ඇඟවීමේ නිවේදනද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පසුගියදා පැමිණි අවස්ථාවේදී හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.