28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූපලාවන්‍යාගාරවල මුදල් සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට

රූපලාවන්‍යාගාරවල මුදල් සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට

රූපලාවන්‍යාගාරයට පැමිණ එහි හිමිකාරියගේ ATM කාඩ්පත සොරකම් කර රුපියල් 90598ක් වටිනා භාණ්ඩ මිලට ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකට අනුවයි ඇය ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 20 ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අනාවරණය වී ඇත්තේ.

අවිස්සාවේල්ල- පුවක්පිටිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය වරකාපොල හා ගම්පොල යන ප්‍රදේශවලද මේ ආකාරයටම ATM කාඩ්පත් සොරකම් කර දේපල මිලට ගෙන ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

සැකකාරිය අද (11) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.