අන්‍යන්‍යතාව නිසි ලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු කිරීමෙන් පසු ගිණුම් පවත්වාගත යුතු බවයි එරට රජය පවසන්නේ.
අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මැඩ පැවැත්වීම සඳහා මෙම පියවර ගත් බවයි වියට්නාමය සඳහන් කරන්නේ.