9.6 C
London
Tuesday, May 30, 2023

කළුතර ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මියයි අද (12) මෙම නියෝග ලබාදුන්නේ. කළුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංතියක් පවත්වන අතරතුර සැකකරු දැරියන්ට ලිංගික අතවර සිදු කර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එහිදී ලැබුණු නිර්දේශ මත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාර ගුරුවරයා ලබන 15 වනදා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසටයි. තම සේවාදායකයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරයා සඳහන් කර තිබුණා.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය නියෝග කළේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. නඩු විභාගය ලබන 26 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

Latest

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව කෘෂිකර්ම...

වහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුර දී ඇති වූ විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here