11.3 C
London
Tuesday, May 30, 2023

ගම්පොලදී අතුරුදන් වූ තරුණියට වූ දේ හෙළි වෙයි

සේවා ස්ථානයට යමින් සිටියදී අතුරුදන් වූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණිය ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.

පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම පුද්ගලයා කළ ප්‍රකාශයන්ට අනුවයි තරුණිය ඝාතනය කර වළ දමා ඇති බවට අනාවරණ වී ඇත්තේ.

තමා සේවය කරන ෆාමසිය වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස අතුරුදන්ව තිබුණේ වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්. පොලිසිය ප්‍රකාශ කළේ මෙම තරුණියගේ අතුරුදන් වීමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරනු ලබන අයෙක් බවයි.

සැකකරු එළුවන්ට ලබාදීමට තණකොළ කැපීමට ගිය අවස්ථාවේ අදාළ තරුණිය ඒ ආසන්න මාර්ගයේ ගමන් කර තිබෙනවා. ලැබී ඇති තොරතුරුවලට අනුව සැකකරු එම තරුණියට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර ඇය ඊට විරෝධය දැක්වීම හේතුවෙන් ඇය කැලෑබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

මෙම සැකකරු එහිදී ඇය ඝාතනය කර වළ දමා ඇතැයි අනාවරණ වී ඇති අතර සිරුර මෙතෙක් සොයාගෙන නැහැ. මෙම පුද්ගලයා ද තරුණිය පදිංචිව සිටි ප්‍රදේශයේම 24 හැවිරිදි අයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවට ද පොලිසිය ප්‍රකාශ කළා.

තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100ක පමණ දුරක් ගමන් කළ 22 හැවිරිදි මෙම තරුණිය දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇති බවට අප තොරතුරු වාර්තා කළේ ඊයේ දිනයේදීයි. ගම්වාසීන් සහ ගම්පොල පොලිසිය ඇය සොයා ඊයේ මහවැලි ගඟේ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් ද සිදු කර තිබුණා.

නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති CCTV කැමරාවල මෙම තරුණියගේ රුව අවසන් වරට සටහන් වී ඇති අතර එම ස්ථානයෙන් එපිට ඇති එවැනි CCTV කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව ඥාතීන් ප්‍රකාශ කළා. අතුරුදන් වූ තරුණියගේ මව පවසන්නේ සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ දියණිය බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ගිය බවයි. ඇය තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බව ද මව ප්‍රකාශකළා.

අතුරුදන් තරුණියට තවත් සොහොයුරන් තිදෙනකු සිටින අතර සිද්ධිය වූ දින පියා සහ එක් සොහොයුරෙක් කොළඹ ප්‍රදේශයට ගොස් සිටි බව සඳහන්. සේවයට යාම සඳහා බස් රථයක් ලබා ගැනීමට ඇයට නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම ගමන් මාර්ගයේ බොහෝ ස්ථාන පාලුවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරා ඥාති නිවෙස්, මිතුරු මිතුරියන්ගේ නිවාස හා අනෙකුත් ස්ථාන ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පරීක්ෂාවට ලක් කර ඇතත් ඇය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොවූ බව තරුණියගේ පියා ප්‍රකාශ කළා.

සේවා ස්ථානයේ යතුර ද ඇය සතුව තිබී ඇති අතර ඉරිදා පෙරවරු 11ට පමණ එහි හිමිකරු ඇයගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදීම හේතුවෙනුයි තරුණිය ෆාමසියට නොගොස් ඇති බව හෙළි වී තිබුණේ. ඉන්පසු ඇය සම්බන්ධයෙන් ඥාතීන් සොයා බලා මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත දන්වා තිබුණා.

Latest

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන...

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස මෙරටට පැමිණ තිබේ. මෙම දූත පිරිස ජුනි 01දා දක්වා...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here