සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහ වෙනත් රාජකාරී කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන හෙයින් කෙහෙළිය රඹුක්වැල්ලට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මැයි මස 23 වනදා සිට නොවැම්බර් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමටත් ඔහුට විදේශගත වීමට අවසර දෙන ලෙසත් ආගමන හා විගමන පාලකවරයාට නියම කළා.
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදල් වැය කර බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව මෙම නියෝග නිකුත් කෙරුණා.