30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඹුරු යායක් අසළින් මළ සිරුරු 02ක් හමුවෙයි

කුඹුරු යායක් අසළින් මළ සිරුරු 02ක් හමුවෙයි

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ තිබී පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

අදාළ කුඹුර ආසන්නයේ ඇති පතල් වලක තිබී මෙම සිරුරු දෙක සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන දෙදෙනෙකු බව සඳහන්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මියගොස් සිටින මෙම පුද්ගලයින් දෙදෙනා පෙරේදා (10) දිනයේ සිට අතුරුදන්ව සිට ඇති බවයි.

වාරියපොළ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.