30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඹිලිපිටියේදී වෙඩි වැදී අයෙක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටියේදී වෙඩි වැදී අයෙක් ජීවිතක්ෂයට

නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට ඇඹිලිපිටිය පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී එම රථයේ ගමන් කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇඹිලිපිටිය, මහපැලැස්ස ප්‍රදේශයේදී රාත්‍රි මුර සංචාරයක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු එම මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් නැවැත්වීමට අණකර තිබෙන අතර එම අවස්තාවේදී අණ නොතැකූ ලොරි රථයේ රියදුරා පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට තැත් කරමින් පලායාමට උත්සාහ දරා ඇත.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි පහරවල් මධ්‍යයේ පලාගිය රථයේ සිටි ගවයින් කැලෑබද ප්‍රදේශයකට මුදා හැර ඔවුන් වීරකැටිය ප්‍රදේශයට පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.