― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsසොරකම් කළ ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි ලාංකිකයෙක් අත්අඩංගුවට

සොරකම් කළ ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි ලාංකිකයෙක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලීසියේ සඳහන් බ්‍රිතාන්‍යය ජාතිකයෙකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින්, බ්‍රිතාන්‍යය වෙත පළා යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊ‍යේ (11) දහවල් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කම්කරු වෘත්තියේ නියුතු මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරුණයෙක්. මොහු ඉකුත් අප්‍රේල් 09 වැනිදා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඉන්දියාව වෙත ගොස් ඇත්තේ එහි වෙසෙන සිය මාමා ලවා බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කර ගැනීමටයි.

ඒ අනුව ඉන්දියාවේ තැරැව්කරුවෙකු බ්‍රිතාන්‍යය ජාතිකයෙකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයක ජීව දත්ත පිටුව සූක්ෂම ලෙස ඉවත් කර ඒ වෙනුවට මෙම ශ්‍රී ලාංකික තරුණයාගේ තොරතුරු ඇතුළත් කර මෙම ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දී තිබුණි.

පසුව ඔහු ඊයේ (11) දහවල් 12.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 122 දරණ ගුවන් යානයෙන්, එසේ කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කර ගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රයට අදාළ වීසා නිකුත් කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් එම තොරතුරු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කරද්දී මෙය ජාත්‍යන්තර පොලීසියේ සඳහන් බ්‍රිතාන්‍යය ජාතිකයෙකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රය බවට තොරතුරු අනාවරණය වී තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව ඔහුගේ ගමන් මල්ල ආගමන විගමන නිලධාරීන් විසින් සෝදිසි කර බලද්දී ඒ තුළ තිබී මෙම තරුණයාගේ සැබෑ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ද සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

එම සිදුවීමෙන් පසුව මෙම තරුණයා සහ ඔහු විසින් කූඨ ලෙස සකස් කර ගෙන තිබූ බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රයද , වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.