27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවස තුළදී තරුණියක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

නිවස තුළදී තරුණියක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් හිටිහැටියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීට මාස කීපයකට පමණ ඉහත දී විවාහ වූ දිනුශිකා දමයන්ති ජයසිංහ නැමැති තරුණියකි.

ඊයේ (11) පස්වරුවේ මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා සවස රැකියාව නිමවා නිවසට පැමිණීමේදී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්ව වැටී සිටින අයුරු දැක ඇති අතර ඔහු වහාම සිය බිරිඳව ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ඇය ඒ වනවිටත් මියගොස් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් පවතින අතර මරණයට හේතුව නිෂ්චිතව දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.