30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60ක්

කොළඹ ඩෙංගු මර්දනයට කණ්ඩායම් 60ක්

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, නාරාහේන්පිට, කුරුඳුවත්ත, කොටුව හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී මහතා සඳහන් කළේ ය.

එම තත්ත්වය පාලනට කණ්ඩායම් 60 ක් යොදවා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

කොළඹ නගරයේ පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් හමු වී ඇති අතර ඊට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා ය.

දින දෙකකට වඩා උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු වන්නැයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණී මහතා ජනතාවට දැනුම් දෙයි.

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 30,000 කට අධිකයි.

ඉන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.