― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියලුම ඇල්ලේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

දියලුම ඇල්ලේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගිය යුවලකට වන අලි පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ප්‍රදේශය තුළ වන අලි ගැවසෙන බව දැන සිටියදී යුවලට කඳවුරු බැදීමට අවස්ථාව සලසා දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

33 සහ 24 හැවිරිදි සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.

ඔවුන් හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.