11.3 C
London
Tuesday, May 30, 2023

ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට සූදානම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා ඇති අතර එය හෙට (14)පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

1998 දෙසැම්බර් 02 වනදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයන් 05 දෙනෙක් ගින්නට හසුවීමෙන් මිය ගොස් ඇත. ඔවුන් සිහිගැන්වීම පිණිස 1999 වර්ෂයේ මැයි 04 වන දිනය, ලෝක ගිනි නිවීමේ භට දිනය ලෙස නම් කෙරිණි.

ඉන් පසු සෑම වසරකම මැයි 04 වන දින ලෝක ගිනි භට දිනය ලෝවාසීන් සමරයි. ලෝකයේ ධනවත් රටවල් එම දිනය සමරනු ලැබුවත් අප රට වැනි කුඩා රටවල් එම දිනය සැමරුවේ නැත. එහෙත් 2023 වර්ෂයේ එය සැමරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර ඇත.

පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍යංශයේදී රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යාවරයා මේ බව සඳහන් කළේය.

ගිනි නිවීමේ හමුදා භට ඒකකය පිළිබඳ රටේ ජනතාවට තිබෙන්නේ අල්ප දැනුමක් බවද ශ්‍රී ලංකාව තුළ 1892 වර්ෂයේදී කොළඹ නගරය මුල්කර ගනිමින් කුඩා ඒකකයක් ලෙස ආරම්භ වූ ගිනි නිවීමේ සේවාව මේ වන විට සැලකිය යුතු වර්ධනයක් ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

මැයි 04 සිට 14 දක්වා විවිධ වූ ප්‍රදර්ශන පැවැත්වීමටත් ඒ තුළින් ජනතාවට මේ පිළිබඳ අවබෝධයක්, දැනුමක් ලබාදීමට අදහස් කරන බවත් පාසල් දරුවන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබාදෙමින් උනන්දුවක් ඇති කිරීමට ද මෙම ප්‍රදර්ශනය තුළින් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ගින්නක් පමණක් නොව අනතුරක් ඇතිවූ අනෙක් අවස්ථා වලදීත් ඔවුන්ගේ සේවා සපයන බවද, විනාඩි 07ක් වැනි කෙටි කාලයක් තුළ අනතුර සිදුවූ ස්ථානයට ළගා වුවහොත් එම ගින්න හෝ අනතුරෙන් සිදුවිය හැකි හානිය අවම කරගත හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එවැනි කෙටි කාලයකදී ළගා වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම මෙම රථ සේවාව ලැබිය යුතු බවද, රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගය හමුවේ එවැනි තත්ත්වයකට යා නොහැකි බැවින් ජනගහණය වැඩි පළාත් වලට හෝ ප්‍රථමයෙන් මෙම සේවාව ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.

ගිනි නිවීමේ රඨ පැවැදියද ඇතැම් අවස්ථා වල ඒ සඳහා පුහුණු සේවකයන් නොමැතිකම හේතුවෙන් සේවාව පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදාවී ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා එම අවශ්‍යතා සපුරාගත යුතු යැයිද ඒ සදහා පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් පුහුණු කර ඒ සදහා අවස්ථාව සලසා ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

දැනට අප සතුව පවතින ගිනි නිවීමේ රථ 34 ඉදිරියේදී රථ 60ක් දක්වා වර්ධනය කරගැනීමට ජපන් රජයේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

මෙම සේවාවෙහි ඇති වටිනාකම පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ ප්‍රධාන නිලධාරීතුමා වන පී. ඩී. කේ. ඒ. විල්සන් මහතා, ගින්නකදී පමණක් නොව ජනතාවට අනතුරක් වන සෑම අවස්ථාවකදීම ඔවුන්ට උදවු කිරීම සදහා නොපැකිලිව ඉදිරිපත් වීම ඔවුන්ගේ වගකීමක් බවයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා බැනර්, පෝස්ටර් යනාදියද විද්‍යුත් මාධ්‍ය හරහා විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇති බව පැවසූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ හමුදා ඒකකයේ ප්‍රධාන නිලධාරීතුමා මැයි 14 පැවැත්වෙන සමාරම්භක උත්සවය කැළණි නව පාලම අසලින් ඇරඹී රථ පෙරහැර ඔරුගොඩවත්ත, මාළිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, ඩාලි පාර, මහජන පුස්තකාලය අසල ආර්ට් ගැලරිය යන ස්ථාන පසු කරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන්ගන්නා බවද කියා සිටියේය.

මැයි 14 පැවැත්වෙන මෙම සන්දර්ශනය සැමට අලුත් අත්දැකීමක් වන බවද එය නැරඹීම සඳහා හැකි සෑම දෙනෙකුම සහභාගී වන ලෙසද ඉල්ලා සිටියේය.

Latest

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික...

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here