13.7 C
London
Friday, June 9, 2023

වසරක් පුරා ප්‍රංශ ජනපතිට පාන් සෑදීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව

30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරගයෙන් ප්‍රථමස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ සිට සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් බවයි සඳහන් වන්නේ.

බෑගට් (bhagat bread) යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයක්. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකියි.

මෙම තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති බෑගට් දෙකක් සෑම බේකරිකරුවෙකුම ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් සෙල්වරාජාව තෝරා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000ක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබීම වි‍ශේෂත්වයක්.

හොඳම බෑගට් සෑදීමේ රහස කුමක්දැයි සෙල්වරාජාගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පවසා තිබුණේ හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් භාවිතා කරන බවයි.

“ මා ජයග්‍රහණය කළ විට මට ඇඬුනා… අපි විදේශිකයින් ලෙස ඇවිත් තමයි මේ සාම්ප්‍රදායික ප්‍රංශ පාන් හදන්න ඉගෙන ගත්තේ. මේක මගේ ජිවිතයේ සතුටුම දවසක්. මගේ පාන් රසයි නම් ඒකට හේතුවක් තියනවා. මම මේ පාන් හදලා තියෙන්නේ ආදරයෙන්. සෑම විටම සිනහවෙන්, හැම විටම සතුටින් ගායනා කරමින්…”

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here