23.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරු අධිකරණයේදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරු අධිකරණයේදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15) යළි කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නිතීඥ සංගමයක් නඩුවට පෙනී සිටීමට නියමිතව ඇති අතර අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 09 වැනිදා පළමු වරට කැඳවනු ලැබීය.

පසුගිය 26 වැනිදා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව, සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පවරනු ලැබූ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරිමට පියවර ගෙන ඇති බවයි.