30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයෙන් ලබාදෙන දීමනා ගැන විශේෂ තීරණයක්

රජයෙන් ලබාදෙන දීමනා ගැන විශේෂ තීරණයක්

රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදු තොරව ලබාදෙන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

විශේෂ හැකියාවන් තියෙන අය ඒ කියන්නේ ආබාධිත සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් හඳුනානොගත් හේතුන් මත වකුගඩු රෝගීන් වූ සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් වැඩිහිටි අයගේ ලබාදෙන ආධාර සඳහා කිසිම තැනකදී,දින වකවානු සහිත සීමාකිරීමක් මේ අලුත් නීතියෙන් කරලා නැහැ. පැහැදිලිවම ගැසට් පත්‍රයේ දින වකවානු සඳහන් කරලා නැහැ. මේ දෙන අකාරයටම අඛණ්ඩව රජය ඒ උදව්ව කරන්න බලාපොරොත්තු වෙනවා.”