26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංවතුරේ ගමන් කරන් කරමින් සිටි අයෙක් අතුරුදන්

ගංවතුරේ ගමන් කරන් කරමින් සිටි අයෙක් අතුරුදන්

මාවරල පොලිස් වසමේ ආඳළුව පාලම අසල ගංවතුරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 42 ආඳළුව, කිවුල්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා අධික වැසි හේතුවෙන් ගංවතුර ඇති වූ අවස්ථාවේ නිවසට පැමිණෙමින් සිටියදී ආඳළුව පාලම අසල දී දියේ ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මාවරල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.