26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවඩිවේල් හරීන් සමග අලුත් ගමනකට සැරසෙයි

වඩිවේල් හරීන් සමග අලුත් ගමනකට සැරසෙයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ පාට භේද පසෙකලා තමා ඉදිරියේ දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බවයි.

“හරීන් ඇමති වැඩකරන්න දක්ෂයි. මාධ්‍යට මෙතැන ප්‍රශ්නයක් එයි වඩිවේල් සුරේෂ් මෙතැන ඉන්නේ කියලා. මට ඒ පක්ෂය මේ පක්ෂය කියලා නෑ. මම හරීන්ගේ පක්ෂයේ. ඒක හොඳට දාන්න. ඒක එයා හොඳට දන්නවා. අපි ඉදිරියට එකට තමා යන්නේ. ඡන්දේ ඉල්ලන්නෙත් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා එක්ක. මට ලාංඡන, පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි. එයා එක්ක තමා ඒ ගමන යන්නේ. අපේ වෘත්තීය සමිති සභාපතිතුමා, මහලේකම්තුමා එක පැත්තක ඉන්න බෑ. දෙන්නම එකපැත්තේ තමා ඉන්න ඕනේ. ඒකත් අපි තේරුම් අරගෙන තියෙන්නේ. වේලාව හරියට එද්දි අපි දෙගොල්ලෝම එකට යන්නේ.”