27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිගම වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

වැලිගම වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් වැලිගම, දෙනිපිටිය පාලම අසළදී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ (25) රාත්‍රී 9:45 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වැලිගම, පැලෑන ප්‍රදේශයේ පදිංචි කෙලෙමිබි ආරචිචිගේ කමල් චමින්ද නැමැති 53 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි වාර්තා වුණේ. මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී T56 හිස් පතොරම් කොපු 10ක් පමණ පොලිසිය සොයාගෙන තිබෙනවා.

පියා සහ පුත්‍රයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී දෙණිපිටිය පාලම අසළදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.