27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසත්වෝද්‍යානවල ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනයට

සත්වෝද්‍යානවල ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනයට

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්ව උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, රිදියගම සෆාරි උද්‍යානයේ ක්‍රියාකාරකම් සඳහා වන මිල ගණන් සංශෝධනය කර තිබේ.

වනජීවී සහ වන සම්පත් අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව සියලුම සත්වෝද්‍යානවල මාංශ භක්ෂක සතුන් සදහා ආහාර ලබාදීමේ ගාස්තු රුපියල් 200ක් දක්වා ඉහළ දමා තිබේ. දෙහිවල සත්වෝද්‍යානයේ ඇනකොන්ඩා සමග ඡායාරූප ගැනීමේ ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ දමා ඇත.

මේ අතර රිදීයගම සෆාරි උද්‍යානයේ වායුසමනය කරන ලද බස්රථවල ගාස්තුව රුපියල් 150ක් දක්වාත්, රිදීයගම සෆාරි උද්‍යානයේ වායුසමනය නොකරන ලද බස්රථවල ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමා තිබේ.