― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsPoliticalආණ්ඩු පෙරළන්න, ආණ්ඩු හදන්න ඕන කෙනෙක්ට පුළුවන්

ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු හදන්න ඕන කෙනෙක්ට පුළුවන්

ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු හදන්න ඕන කෙනෙක්ට හැඛියාව ඇති බවත් රාජ්‍ය වැට්ටවීම යනු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් ඒ නිසා ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන විදියට ආණ්ඩුව එයට මුහුණ දිය යුතු බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඬහහන් කළේ අද (16) ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

බලය බෙදාහැරීම සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා පළාත් සභා මැතිවරණය ගැන ඊයේ සවස ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. පවතින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරල යෝජනා ඉදිරිපත් කරන්න කියල එහිදී ජනාධිපතිවරයා යෝජනා කළා. පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදි විපක්ෂයේ හිටපු දෙමළ පක්ෂ ඇතුළු සියලුම දෙනා එකතු වෙලා ඇති කරපු නෛතික ගැටළුව නිසා පළාත් සභා මැතිවරණය පවත්වාගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නය විසඳගන්න අගමැතිතුමාට බලය පැවරුවා. රටට ගැලපෙන ජනතාව බලාපොරොත්තු වන මැතිවරණයක් අනාගතයේදී ඒවි. තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැකගන්නවත් බැරි විපක්ෂ නායකතුමා ආණ්ඩුවට අභියෝග කිරීම විහිළුවක්. තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම එකට තියාගත්තොත් විපක්ෂනායකතුමාට වීරයෙක් වගේ අභියෝග කරන්න පුළුවන්.

අගමැති ධුරය නැවත වෙනස් කිරීම ගැන ආණ්ඩුව තුළ එහෙම කිසිම කතාවක් නෑ. දිනේෂ් ගුණවර්ධන පත්කර ගත්තෙ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ කණ්ඩායමමයි. ඒ තනතුර වෙනස් කරන්න කිසිම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. විපක්ෂය එහෙම කතාවක් පතුරනවා. අපිට අගමැතිකම දුන්නොත් අපි ගන්නම් වගේ කතා කියනවා. ඒකට ආණ්ඩුව එකඟ නැහැ.

ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර කිසිම බෙදීමක් නැහැ. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. මහින්ද මහත්තය යුද්ධය දින්නා වගේ රටේ ආර්ථිකය රනිල් වික්‍රමසිංහ මහත්තය ගොඩදැමීම කියල රටේ මිනිසුන් අතර මතයක් හැදිලා තියෙනවා. ජනාධිපතිතුමා කියන ඒවා මිනිස්සු පිලිගන්නවා. එහෙම පිලිගන්නේ නැත්තේ කුහකයෝ. වත්මන් ජනාධිපතිතුමාට සැලියුට් කරන්න තමන්ට පුළුවන් කියල සරත් ෆොන්සේකා මහත්තය පවා කියනව. ජනාධිපතිතුමා වටා අද බොහෝ දෙනෙක් එකතු වෙනවා. එදා අහිංසක මිනිස්සු ආරම්භ කළ සාමකාමී අරගලය පසුව ආණ්ඩු විරෝධී අරගලයක් දක්වා වර්ධනය වුණා. ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු හදන්න ඕන කෙනෙක්ට පුළුවන්. නමුත් රාජ්‍ය වට්ටවන්න දෙන්න බෑ. රාජ්‍ය වට්ටවනව කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ නිසා ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන විදියට ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න ඕන.