රුපියල් 5000ක අත්තිකාරම් මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා ඇතැම් ගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වී ඇත.
ඒ අනුව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල විභාග මධ්‍යස්ථානවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්තිකාරම් ගෙවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.