27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෞදියෙන් ඩොලර් මිලියන 425ක සංවර්ධන ණයක් මෙරටට

සෞදියෙන් ඩොලර් මිලියන 425ක සංවර්ධන ණයක් මෙරටට

ජලය, බලශක්තිය, සෞඛ්‍ය, මාර්ග සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල විවිධ ව්‍යාපෘති 15කට අදාළව ඩොලර් මිලියන 425කට ආසන්න සංවර්ධන ණයක් ලබා දීමට සෞදි අරාබිය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා – සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පසුගියදා තේරීපත් විය.

ශ්‍රී ලංකා – සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වන පාර්ලිමේන්තුවට අදාළ නිලධාරි මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (මැයි 10) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙරට ජලය, බලශක්තිය, සෞඛ්‍ය, මාර්ග සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල විවිධ ව්‍යාපෘති 15කට අදාළව ඩොලර් මිලියන 425කට ආසන්න සංවර්ධන ණය ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධව සිය ස්තුතිය පළ කරන බවයි.

එහිදී අදහස් දැක්වූ නව සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවය.