11.3 C
London
Tuesday, May 30, 2023

ජනපති සමඟ පැවති සාකච්ජාවේදී මතභේදයක්

තමන්ට අවශ්‍ය වන්නේ ගෝලීය ස්වයං තීරණ අයිතිය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබා ගැනීම පමණක් බවත් ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන කටයුතු ආරම්භ කරන්නේ නම් පමණක් ඒ සඳහා වන සාකච්ඡාවලට සහභාගි වන බවත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කර තිබේ.

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර පළාත් දෙමළ මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග පෙරේදා (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී එම සන්ධානය ජනාධිපතිවරයා හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව කිසිදු එකඟතාවකින් තොරව අවසන්ව තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මෙසේ කියා සිටියේය.

බලය බෙදා හැරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දන්වා තිබුණා. මෙවැනි ම සාකච්ඡා පසුගිය දෙසැම්බර් හා ජනවාරි මාසයේදී පැවැත්වුණා. නමුත් පසුගිය පාර්ලිමේන්තුව එනම් ජනාධිපතිවරයා අගමැතිවරයාව කටයුතු කරනු ලැබූ කාලයේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සකස් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත හා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තා රජය හා ආණ්ඩුව වෙත භාරදී තිබෙනවා. තවද පෙරේදා පැවැති සාකච්ඡාවට ත් එම වාර්තා මම රැගෙන ගියා.

ඊයේ පැවැති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේශ්වරන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ පිටපතක් ජනාධිපතිවරයා ළඟත් තිබුණා. නමුත් එම වාර්තාවට විපක්ෂය වශයෙන් අස්සන් කර තිබුණේ විග්නේශ්වරන් මහතා පමණයි. අනෙක් සියලු ම දෙනා ආණ්ඩුව නියෝජනය කරනු ලැබූවන්. මේ අතරේ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර නොමැති පක්ෂවල සාමාජිකයනුත් එම වාර්තාවට අස්සන් තබා තිබුණා. එබැවින් එම වාර්තාවට අපගේ විරෝධය පළ කර සිටියා. හේතුව එම වාර්තාව මහජන නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් වශයෙන් පිළිගත නොහැකිවීමයි. එම වාර්තාව මූලික කර ගනිමින් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළා. නමුත් අපි එයට එකඟ වුණේ නැහැ. අපි එයට විරුද්ධ වුණා. එවැනි කමිටු පත් කිරීමෙන් සිදු වන්නේ සාකච්ඡා, කමිටු සාකච්ඡා වශයෙන් මෙම කටයුතු දිග්ගැස්සීම පමණයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වුවහොත් අපි ඒ සඳහා සහභාගි වෙනවා. ඒ හැර පරිපාලන කටයුතු සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වීම නිෂ්ඵල ක්‍රියාවක්. එවැනි අලුත් කමිටුවලට අපි සහභාගි වන්නේ නැහැ. මේ ස්ථාවරය අපි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. අපේ මූලික ඉල්ලීම වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම හා පළාත් සභා මැතිවරණය වහා ම පැවැත්වීමයි. නමුත් මෙම කාරණා දෙක සම්බන්ධයෙන්ම ඊයේ පැවැති සාකච්ඡාවේදී යම් එකඟතාවක් ඇති වුණේ නැහැ.”

මේ පිළිබඳව අදහස් දැක්වූ සී.වී. විනේශ්වරන් මෙසේ පැවැසුවා.

“බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මෙහිදී මා විසින් සකස් කරන ලද වාර්තාවක් එම රැස්වීමට ඉදිරිපත් කළා. එම වාර්තාවේ අන්තර්ගත වුණේ පවතින නීතියේ වෙනස් වියයුතු ස්ථාන පෙන්වා දෙමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න යි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාවක් දැක්වූවා. ජනාධිපතිවරයා මෙම වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට එකඟ වූ අතර ඉදිරි සති තුනක කාලය ඇතුළත එම කමිටුවට සාමාජිකයන් පත් කර දන්වන බව ප්‍රකාශ කළා. උතුරු නැඟෙනහිර පළාත්වල සංවර්ධනය සම්බන්ධයෙනුත් ලබන ජූනි මාසයේදී සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවැසුවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරනවාට වඩා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වඩා ත් උචිත බවයි.”

Latest

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30)...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය ධූරය අහිමිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා පවසා තිබේ. රට තුළට නීතිවිරෝධී ආකාරයට රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here