27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩෝවිට නලින්ගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

බඩෝවිට නලින්ගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට නලීන්ගේ’ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක්, කේරළ ගංජා කිලෝ 05යි ග්‍රෑම් 320ක්, මත් පුවක් හා දුම්කොළ මිශ්‍ර මාවා කිලෝ 16යි ග්‍රෑම් 450ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 162,000ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලීන් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදෙනා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබෙනවා.