18 C
London
Friday, June 2, 2023

දේවගැති ජෙරම්ගේ ගුරුතුමා ජාත්‍යන්තර රත්‍රන් ජාවාරම්කරුවෙක්!

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල්ජසීරා රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර තිබේ.

ඔහු ජාත්‍යාන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන්නෙක් වන අතර රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බවයි විදෙස් රූපවාහිනී මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර මෙම වර්ෂයේ මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමඟින් බවයි වාර්තා වී ඇත්තේ.

බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන පරිද්දෙන් අදාළ දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශයක් පසුගිය දා මහත් ආන්දෝලනාතමක කාරණයක් වුණා.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් දේවගැතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානය, භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ආදී පාර්ශවයන් දේවගැතිවරයාට එරෙහිව පැමිණිලි ගොනු කරමින් දේවගැතිවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේ දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. ඔහු සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here